SINHALATAMILENGLISH


ප්රචතිසංධානයට මඟ 6 සබඳතා ගොඩනැගීම මහාචාර්ය රජීව විජේසිංහ විසිනි

නිරන්තරයෙන් මාගේ සිත් සතන් පහන් කළ අපූරු සුන්දර පෙදෙසක් ලෙස ත්රි්කුණාමලය සැමදා මාගේ මතකයට ගෙන ආවේ නැවුම් මිහිරකි. කොළඹින් සැතපුම් 10 ක් ඔබ්බෙන් පිහිටි, නම හැරුණු කොට වෙනත් කිසිදු වටිනාකමක් නැති පෙදෙසකට ශ්රී් ලංකාවේ අගනගරය ගෙන යාම වෙනුවට ඇත්ත වහයෙන්ම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට කළ යුතුව තිබුණේ ත්රිාකුණාමලය රටේ අගනුවර ලෙස සංවර්ධනය කිරීමයි. දශකයට අධික කාලයක් තුළ ශ්රීම ලංකාවේ විවිධ ප්රනදේශවලට අත්ය්වශ්යි වූ සන්නිවේදන පහසුකම් හා ජන ජිවිතයට අවශ්‍ය අනෙකුත් සාධකයන් සංවර්ධනය කිරීමට රටක් හැටියට අප අපොහොසත් වීම හේතුවෙන් ත්රාෙසය, අවිශ්වාසය හා එකිනෙකා පිළිකුල් කිරීම ජන කොටස් අතර වේගයෙන් පැතිර ගියේය.
මේ කරුණු නිසි ලෙස තේරුම් ගෙන ඇති වන්මන් රජය සංවර්ධන කටයුතු විශාල ප්රකමාණයක් මේ වන විට දියත් කොට ඇත. පසුගිය රජයන් කිසිදු දෙයක් නොකළැයි මෙයින් අදහස් කෙරෙන්නේ නැත. උදාහරණයක් ලෙස දඹුල්ල මහා මාර්ගය පිළිසකර කොට නවීකරණය කිරීම හරහා අගනගරය හා කුරුණෑගල දිස්ත්රිදක්කය ආශ්රිපත සියළු ප්ර දේශ අතර විශාල හා වැදගත් සබඳතාවයක් ඇති විය. කෙසේ වුවද, සමස්තයක් ලෙස රටේ ජාතික මාර්ග පද්ධතිය සංවර්ධනය වන්නට පටන් ගන්නේ වත්මන් රජයේ ප්ර තිපත්ති යටතේ ය.
2008 වසරේදී මා නැගෙනහිර පලාතේ සංචාරයන්හි යෙදුනු අවස්ථාවේ සිට මේ දක්වා එම පළාත තුළ සිදුව ඇති දැවැන්ත සංවර්ධනය පුදුම එලවන සුළුය. එසේම උතුරු පළාතේ සංවර්ධන කටයුතු ද ඒ වේගයෙන් ම ඉදිරියට යමින් සිටී. මහා මාර්ග සංවර්ධනය, නව මාර්ග ඉදිකිරීම මෙන්ම අනෙකුත් සංවර්ධන කටයුතුද ඉදිරියට යමින් සිටී. දුම්රිය මාර්ගය සංවර්ධනය වීම ද ඉමහත් සතුටට කරුණකි. එසේම මහනුවර මහියංගනය හරහා පදියතලාව, ඒ 5 මහා මාර්ගය ද සංවර්ධනය වෙමින් පවතින අතර කාලයක් තිස්සේ නිසි සැලකිල්ලකට ලක් නොවී තිබුණු නුවරඑළිය, බදුල්ල හා බිබිල හරහා දිවෙන පේරාදෙනිය - චෙන්කල්අඩි මාර්ගය ඔස්සේ ගමන් කිරීමට අවකාශ ලැබීම ද මහත් භාග්යියක් ලෙස සැලකිය යුතුය. දැනට ක්රිමයාත්මක සංවර්ධන කටයුතු නිමා වීමත් සමග රටේ විවිධ ප්රිදේශ පසු කරමින් නැගෙනහිර පළාතට ගමන් කිරීමට හැකියාව ලැබීම සුන්දර සිහිනයක් සැබෑවීමක් ලෙස සැමට දැනෙනු ඒකාන්ත ය.
තවත් වැදගත් ක්ෂේත්රයයක් වන්නේ විදුලිබල ක්ෂේත්රැයයි. මේ වන විට අප ඒ සම්බන්ධයෙන් අත් කර ගෙන ඇති ප්රකගතිය ද සැබැවින්ම ආඩම්බර විය හැකි මට්ටමක පවතී. 2001 වසරේ එක්සත් ජාතික පක්ෂ රජය පැවති සමයේ මා සමග කථා කළ එක් විදේශ තානාපතිවරයෙකු කියා සිටියේ ශ්රීජ ලංකාව තරම් වේගයෙන් පිරිහෙමින් පවතින රටවක් ඔහු දැක ඇතැයි යනුවෙනි. ඔහු එයින් අදහස් කරන්නේ කුමක්දැයි මා විමසූ විට ඔහු කියුවේ බලශක්ති ක්ෂේත්රියේ සංවර්ධනය ශ්රී ලංකාවේ සිදු වන්නේ ඉබි ගමනින් බවයි.
ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂ රජය නොරොච්චෝලේ හා කොත්මලේ විදුලි ව්යා පෘති ක්රිෂයාත්මක කොට රටේ විද ලි අවශ්යනතාව සපුරාලීමට කටයුතු කරයි යන විශ්වාසය මත එකළ මමද මාගේ ඡ්නදය පාවිච්චි කළේ එක්සත් ජාතික පක්ෂයටයි. නමුත් ඔවුන් එම ව්යාාපෘති සම්බන්ධයෙන් කළ දෙයක් නොමැත. එම ව්යාකපෘති ද්විත්වයම ක්රි්යාවට නැංවෙන්නට පටන් ගත්තේ මෑතකදීය.
දැන් අප ත්රටස්තවාදයෙන් රට මුදාගෙන ඇත්තෙමු. දැන් අප හමුවේ ඇති අභියෝගය වන්නේ වේගවත් සංවර්ධනයක් රටට අත්පත් කර දීමයි. තිරසාර සංවර්ධනය වෙනුවෙන් තව බොහෝ දැඩි තීරණ ගත යුතුව තිබුනද, එම කාර්යය අපට කළ හැකිය යන්න දැන් අප පසක් කරගෙන සිටින්නෙමු. දීර්ඝ කාලයක් තිස්සේ ඉමහත් දුෂ්කරතා කන්දරාවක් විඳි අප දැන් ඉන් මිදී සංවර්ධනය වෙත හැරෙන කාලය එළැඹ තිබේ.
ජනතාව එයට දැන් සූදානමින් සිටී. යාපනය හා වන්නි දිස්ත්රියක් තුළ මෑතකදී නැවත පදිංචි කරවන ලද ජනතාව තුළද මා දුටුවේ දැඩි ව්යානපාරික උද්යෝගයකි. කඩ සාප්පු, බඩු භාණ්ඩ වලින් පිරී ඇතිවා සේම තෛපොන්ගල් උත්සවය දිනයේ ත්රිපකුණාමලය නගරයේ තිබූ සැනකෙලියෙන්ද පිලිබිඹු වූයේ සාමාන්යැ ජීවිතය එනතුරු එම ජනතාව කෙරතම් අපේක්ෂා සහගතව බලා සිටියාද යන්නයි. මිනිසුන් කෑ කෝ ගසමින් ප්රීරති වෙමින් සිටිනු දුටු මට මතක් වූයේ 2008 වසරේදී යාපනයේදී මා දුටු "ෆියුචර් මයින්ඩ්ස්" ප්රදදර්ශනයයි.
මොරවැවදී අප දුටු තත්ත්වය මීට වෙනස් ය. යාපනයේ මෙන් නොව මෙහි නැවත පදිංචි කරවීමේ කාර්යය සිදුවන්නේ ඉතා සෙමිනි. එයට හේතුව වන්නේ 1980 දශකයේදී මෙම ප්රීදේශවලින් අවතැන් කරනු ලැබ ඉතා දීර්ඝ කාලයක් අවතැන් කඳවුරු වල සරණාගතයන් ලෙස ජීවත් වූ ජනතාව ද මේ වන විට නැවත පදිංචි කරවීම ආරම්භ කර ඇති හෙයිනි. මට හමු වූ එක් පුද්ගලයෙකු සිය පවුල සමග ඥාතියෙකුගේ සරණ පතා ගොස් තිබුණේ 1983 වසරේදීය. දැන් ඔහු ඔහුගේ බිරිඳ හා දියණිය සමග නැවතත් සිය මුල් ගම වෙත පැමිණ තිබේ. එවකට එම දියණිය බිළිඳියක්ව සිටි බවද හෙතෙම මා සමග පැවසුවේය. තවත් කාන්තාවක් ගම හැර ගොස් නැවත පැමිණිය පසු සිය සැමියා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මරා දමනු ලදුව නැවතත් ඉන් පිටව ගොස් දැන් ඇවිත් තිබෙන්නේ දෙවන වතාවටය. ඇයගේ දරුවන්‍ දෙදෙනෙකු විවාහ වී ඇති ඉතිරි දරුවන් දෙදෙනා සමග ඈ ජීවත් වෙයි. සිය කථාව මා සමග පැවසූ ඇයගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙන්නට විය.
පාසල් උපකරණ බෙදා දීම අධීක්ෂණය කිරීම සඳහා එක් පාසලකට ගිය මා එක් සිසුවියක් නිදා සිටිනු දැක එය විදුහල්පතිතුමාට චෝදනාත්මකව දැනුම්දුන් විට ඔහු මා සමග පැවසුවේ එම දැරිය පෙරදා රාත්රිහය, ත්රුස්තවාදී ප්රගහාරයන්ට බියෙන් නිවෙස අසල කැලයක නොනිදා පහන් කොට ඇති බවයි. ඉතා දිගු කාලයකට පසු එම ජනතාව නැවත සිය මුල් ගම්බිම් වෙත පැමිණ සිටීම සැබැවින්ම සතුට දනවන කාරණයකි. නමුත් මේ අතර සිටින වංචාකරුවන් හඳුනාගෙන ඔවුන්ගෙන් සාමාන්ය ජනතාව බේරාගැනීම සඳහා කටයුතු කිරීම ද නැවත පදිංචි කරවීමේ කාර්යය හා සමානවම වැදගත් වේ.
වසර 15කට පමණ පෙර එදා ශිෂ්යයයෙකුව සිටි GELT වැඩසටහනට දේශකයෙකු වශයෙන් මා සහභාගි වී ඇති මතකයෙන් මා හඳුනාගෙන කථා කළ එහි ප්රායදේශීය ලේකම්වරයා කීවේ බොහෝ පුද්ගලයන් නැවත හරවා යැවීමට සිදුව ඇති බවකි. බිහිසුනු ත්රවස්තවාදයෙන් එම ජනතාව මුදාගත් පසු තවත් වංචනිකයන්හට හසුවීමට ඉඩ දීම කිසිසේත්ම කළ නොහැක්කකි.
දැන් ප්රඉචණ්ඩත්වය අවසන්ව නැවත පදිංචි ක්රෙමවේදය ඇරඹී ඇතත් එය අප සිතූ තරම් පහසු නැත. කෙසේ නමුත් සිදුවෙමින් පවතින දේ පැහැදිලිව ප්රඇශස්ත මට්ටමක පවතී. ජල. ඉඩම් හා පොහොර පහසුකම් එම ජනතාවට ලබා දේ. අනෙකුත් අවශ්යන පහසුකම් පූර්ණ වශයෙන් සලසා දී නොමැති වුවත්, දැනට තිබෙන ප්ර මාණය පිළිබඳව එම ජනතාව තුළ ඇත්තේ ප්රලසාදයකි. ප්රාදදේශීය ලේකම් කොට්ඨාශ භූමියේ ශ්රිමදාන ව්යානපාරයක යෙදී සිටි පිරිසක් මා සමග කීවේ, ඔවුන්ට රජයෙන් ලැබෙන දේට කෘතගුණ සැලසීම වස් ඔවුන් මෙවැනි දේ කරන බවයි.
අවතැන්වූ පුද්ගලයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නි‍යෝජිත වෝල්ටර් කෙලිස් මහතා එම ප්ර දේශවල සංචාරයක නිරතවෙමින් කීවේ මෑතදී අවතැන් වූ ජනතාව මෙන්ම මීට බොහෝ කලකට පෙර අවතැන් වූ ජනතාව පිළිබඳව ද අවධානය යොමු කොට ඔවුන්ද නැවත සිය ගම්බිම්වල පදිංචි කරවිය යුතු බවයි. අප එම කොට්ඨාශ දෙකම අමතක කොට නැත. මෑතදී අවතැන් වූ පුද්ගලයින් නැගෙනහිර පළාත තුළ වසර දෙකකදී නැවත පදිංචි කරවා ඇති අතර, පැරණි අවතැන්වූවන්ද ක්රාමානුකූලව ඉදිරි කාලයේදී සිය ගම්බිම් වල නැවත පදිංචි කරවනු ඇත.

 

 

2010-01-24 23:15:39
Human Rights Photos

ආපසු

සොයන්න
සතියේ ඡායාැපය
Download Font

2008 දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියන්හි ප්‍රගතිය

 

දෙසැම්බර් 10 දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සදහා සෑම වර්ෂයකම අප අමාත්‍යාංශය මගින් රට තළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. 2008 වර්ෂ‍යේ මානව හිමිකම් දිනය සැමරීම සදහා සියලුම දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය ආයතන මගින් මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා වූ ව්‍යාපෘති යෝජනා අතරින් වඩා හොද ව්‍යාපෘති යෝජනා 09ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම සදහා රැ. 250,000/=ක උපරිමයකට යටත්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (ඹභෘඡ) සහයෝගය ඇතිව මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.

 

කාලගුණ වාර්තාව

කාලගුණ වාර්තාව 2009 සැප්තැම්බර් 17දා සිට 27 දක්වා

දිවයිනේ නිරිත දිග කොටසේ කිහිපයකින් වැසි වාර්තා වූ අතර, 18 දින සිට වායූ ගෝලයේ ඇතිවූ කැළඹිලි ස්වභාවයක් නිසා, එම වැසි තත්ත්වයන්ගේ වර්ධනයක් ඇතිවී තිබිණී. අපර භාගයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් ගිගුරුම් සහිත වැසි වාර්තා විය.

පසුගිය සතියේ වාර්තා වූ උපරිම වර්ෂාපතනය මිමී 113.3, 18 දින මාලිබොඩ ප්‍රදේශයෙන්, උපරිම උෂ්ණත්වය සෙල්සියස් 37.5, 20 දින තිකුණාමලය ප්‍රදේශයෙන්ද, අවම උෂ්ණත්වය සෙල්සියස් 13.2 නුවර එළිය ප්‍රදේශයෙන්ද වාර්තා විය.



ඉදිරි සතියේ කාලගුණ තත්ත්වය (2009 ඔක්තෝම්බර් 30 සිට 04 දක්වා)

නිරිත දිග කොටසේ තැනින් තැන වැසි බලාපොරොත්තු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශයේ දී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.


තොරතුැ
පුවත්
වැඩසටහන්
සම්බන්ධ වීමට
රාජ්‍ය යොමු